Sooriya kusuma-සූරිය කුසුම
රු960.00
‘සත්‍යාංගනා’ සහ ‘සැඳෑ සක්මන’ මාලා ටෙලි නාට්‍යයන්හි සහ ‘විසිපස්වෙනි තට්ටුව’ කෙටිකතා සංග්‍රහයේ රචකයා ලෙස පමණක් නොව, ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු ලෙස ද ලාංකේය සහෘදයන්ගේ රසඥතාව වඩවන්නට සමත් වූ නිර්මාණ ශිල්පියෙක් ලෙස චූලාභය ශාන්ත කුමාර හේරත් කටපුරා හැඳින්විය හැකි ය.
2013 දෙසැම්බරයේ දිනෙක චීනයේ බෙයිජිං නුවර සැඳෑ හමුවක දී “මේක පොඩ්ඩක් කියවලා බලන්නැ”යි කියමින් චූලා කොල හත අටක් මා අත තැබීය. එවක ඔහු චීන ජාත්‍යන්තර ගුවන්විදුලියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේය. “මම නවකතාවක් ලියන්නට පටන් ගත්තා.” ඔහු නැවත කීය. මම එක හුස්මට මුල් පරිච්ඡේදය කියැවීමි.
‘සූරිය කුසුම’ නවකතාව ඔහු සම්පූර්ණ කළේ දෙවසරක සේවා කාලය නිමවා යළි ලංකාවට පැමිණි පසුව ය. සූරිය කුසුම මා අත පත් වූ පසු එය ද එක හුස්මට කියැවීමි. අප ඇද බැඳ තබාගන්නට සූරිය කුසුම සමත් ය. අප සිතූ රසයෙන් හා කුතුහලයෙන් පුරවන්නට සූරිය කුසුම සමත් ය.
කෙට්කතාකරුවෙක් ලෙස නමක් දිනූ චූලා, නවකතාකරණයට පිවිසෙන්නේ, ඒ ක්ෂේත්රයේ ද ප්‍රතිභාව හා කුසලතාව පළකරන පෙර මං සලකුණු ‘සූරිය කුසුම’ ඔස්සේ චිත්රණය කරමිනි.
ඉතින්, චූලාගේ මුල්ම නවකතාව – සූරිය කුසුම – කියවන්න. එය කියවන්න කියවන්න ආශා හිතෙන නවකතාවකි.









Reviews
There are no reviews yet.