Puluwannam allanna ( Catch me if you can ) – පුළුවන්නම් අල්ලන්න
රු495.00
පුළුවන්නම් අල්ලන්න’ ලෙස පාඨකයාට තිළිණ කෙරෙන නිර්මාණය දෙස් විදෙස් සුපතළ ‛Catch Me If You Can’ නැමැති චිත්‍රපටයට පාදකවු ෆ්රෑන්ක් ඩබ්. ඇබග්නේල්ගේ ජීවිත කතාවයි. Catch Me If You Can’ යන වාක්‍ය ඛණ්ඩය පවා පොදු ජන වහරට එක්කිරීමට තරම් අසීමාන්තිකවූ ජනප්‍රියත්වයක් හිමිකර ගත් ෆ්රෑන්ක් ඩබ්. ඇබන්නේල්ගේ ස්වයං චරිතාපදානයට ඉතාම සමීපව රුක්ලන්ති පෙරේරා විසින් කර ඇති මෙම අනුවාදයෙන් විහිදෙන්නේ අප බසින් ලියන ලද නවකතාවක ගුණ සුවඳමය.ඇබග්නේල් – ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අනන්‍යතා අටකින් ඔහු පෙනී සිටියේය.වයස අවුරුදු විසි එකේදි අත්අඩංගුවට පත්වුවද සිව්වසරකට පසු ඔහුට නිදහස පිරිනැමුනේ ඔහු වැනි වංචාකරුවන් (චෙක්පත් වංචාකරුවන් විශේෂයෙනි) විසින් සිදුකරන වංචාවන් සාර්ථකව වළක්වන අයුරු එෆ්. බී. අයි. ආයතනයට ඉගැන්වීමට වූ පොරොන්දුව මතයි.මාධ්‍යවේදිනියක් ලෙසින් 2011 වසරේදි ලක්බිම පුවත්පතෙන් ලේඛන හා මාධ්යදිවියට පිවිසි මෙහි පරිවර්තිකාව වන රුක්ලන්ති පෙරේරා පසුව වෙනත් දිනපතා හා සති අන්ත පුවත්පත්වලට ලිපි සම්පාදනයෙන් දායක වි ඇත. මෙය ඇයගේ දෙවැනි පරිවර්තනයයි. ඇය රෝර් හා ග්ලෝබල් අන්තර්ජාල පීඨිකාවේද විශේෂාංග ලිපි රචිකාවික ලෙසද සකීයව ලේඛන කලාවේ යෙදෙන්නීය.







Reviews
There are no reviews yet.