Prabhathaya – ප්රභාතය
රු1,530.00
අනෝරාව පටන් ගත්තේ මහ රැයේය. ගල්කැටවාගේ පොල්අතු වහලයට වැටෙන වැහිබිඳුවල හඬට ගෙයි ඇතුල් කාමරයේ නිදාහුන් ගැහැනිය නැගිට්ටාය.
“මේකනං මුරුගසන් වරුසාවක්…”
ගේ ඇතුලේ දෙතුන්පොළකින්ම වහලය හිල්වී වතූර වැස්සේ. දුම්මැස්ස අතගා වළං මුට්ටි දෙකතුනක් සියාගත් ඈ තෙමෙන තැන් බලා තැබුවාය.
“දඩබඩාස්”
ඒ මහා සද්දයක් ආවේ ගෙයි දකුණු පැත්තෙනි.
“මහ කිතූල…”
ගැහැනිය ගල් ගැහිණ.
“දෙයියන්ටම පෙනියං…”
කූප්පි ලාම්පුව අතින්ගෙන පිළිකන්නට බට ගැහැනිය දුටුදෙයින් විපිළසර වූවාය. අවුරුදු ගාණක් වයස මහ කිතූල ගෙයි පිට කාමරය බිමට සමතලා කර දමමින් ඇදවැටී තිබේ. කාරණය එසේ නොවේ.පස් ගොඩැල්ලක් බවට පත්ව තිබූ පිට කාමයේ නටඹුන් අතරේ ළා නිල් පැහැ ආලෝකයක් විහිදෙමින් තිබිණ.
“හපොයි”
ඇයගේ හිතට සැණින් කාලාන්තරයක් තිස්සේ තමන්ගේ පරම්පරාව ගැන අසා තිබූ, මානාකන්දේ අතීතය හා සම්බන්ධ කතන්දර මාලාව සිහියට නැගිණ.
“එහෙනම් ඒ කතා බොරු නෙවේ….
අනෝරාව මැද නොසෙල්වී, ළා නිල්පාට ආලෝකය විහිදුවන අද්භූත වස්තුව දෙය බලා, ගැහැනිය භීතියෙන් සිතූවාය.









Reviews
There are no reviews yet.