Keheli.lk

15% OFF

Lankawa Pruthugisi Yugaya-ලංකාව පෘතුගීසි යුගය

රු1,997.50

1505 දී ලංකාවට පෘතුගීසින්ගේ පැමිණීම, වසර දෙදහසක ඉතිහාසයක් ඇති පැරැණි සිංහල රාජධානිය යුරෝපීය බලයකට ඍජුව මුහුණ දෙන පළමු අවස්ථාවයි. 1505 සිට, 1650 දී ඔවුන් ලන්දේසීන් විසින් නෙරපා හරින තුරු පෘතුගීසීහු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශයේ නොයෙක් කොටස් විවිධ අවස්ථා වලදී තම අණසකට යටත් කරගෙන සිටියහ. බොහෝ රජවරු ද කුමාරවරු මෙන්ම සාමාන්‍ය වැසියෝ ද කිතු දහම වැළඳ ගත් අතර කිතුනු දහමේ ස්ථිර ආභාෂය ඔවුන් විසින් අප රටට දායාද කර දෙන ලදී. ශ්‍රී ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳව ද, සංගීතය, භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර සහ වෙනත් දේ පිළිබඳව ද එවැනිම බලපෑමක් ඔවුන් විසින් ඇති කරන ලදී.
ශ්‍රී ලංකාවේ වසර 150 ක පමණ වූ මේ පෘතුගීසි පාලන කාලය පිළිබඳව ප්‍රාමාණික ලෙස තොරතුරු වාර්තාගතව ඇත්තේ එකම එක් වතාවක පමණි. ඒ, 1913 වසරේ දී පළමුවරට ප්‍රකාශයට පත් කරන ලද, පෝල් ඊ. පීරිස් මහතා ගේ CEYLON: THE PORTUGUESE ERA නම් ග්‍රන්ථයෙනි. 1874 දී උපත ලැබූ පෝල් ඊ. පීරිස් මහතා දශක හයකට අධික කාලයක් ලංකාවේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන් ගැන පර්යේෂණයෙහි පිළිබඳ ව දෙස් විදෙස් හි පතළ වටිනා ග්‍රන්ථයන් පළ කළ විද්වතෙකි.
මේ ග්‍රන්ථයෙහි පළමු කාණ්ඩය ලංකාව පෘතුගීසි යුගය නමින් මෙසේ සිංහල පාඨකයන් අතට පත් වෙයි.

Weight 0.75 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Lankawa Pruthugisi Yugaya-ලංකාව පෘතුගීසි යුගය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat