Piya satahan mada – පිය සටහන් මැද
රු1,275.00
මට මැරෙන්න දීපං දස්සා… මට මැරෙන්න දීපං… හැරී නොබැලුවත් මිතුරා පැමිණ ඇති බව දැනුණු හෙයින් ඒ හඬ පෙර තරම් වියරු නැත.
මැරෙන්න තරම් ප්රශ්නයක් උඹට තියෙනවද රශී…? ”
දසුන්, රශ්මිතගේ මනස නිරවුල් කරනු පිණිස නිවුණු හඬින් ඇසීය. මාව පිච්චෙනවා බං… ඇත්තටම පිච්චෙනවා…
ඔය උඹට නින්ද නැති නිසා… ”
නොයාමේ රෝගය නිසා මිතුරා වසර ගණනාවක් පුරාවට විඳින දුක හැබැහින් දැක තිබූ දසුන් අනුකම්පාවෙන් යුතුව කීවේය. ” එහෙම වෙන්න මොකක්ද මං කරපු පව… කියපං දස්සා… මොකක්ද මගෙන් වුණ පව…? ”
ඔහු ඇසුවේ වෙව්ලන සුළු කටහඬෙනි.
උඹ අපි තරම්වත් පව් කරන එකෙක්ද රශී.
මං දැක්ක හොඳම කොල්ලා උඹ……… සිරාවට… දසුන් මිතුරාගේ උරහිසේ ග්රහණය දැඩි කරමින් කීවේය. එහෙමනං ඇයි මට නින්ද නොයන්නෙ…? හරි… රෑට නින්ද නොගියයි. කියමු. ඇයි මට දවාලකටවත් නින්ද නොයන්නෙ… මට ඉවසන්න බෑ දස්සා… මට මේක තවත් ඉවසං ඉන්න බෑ… ”
තරුණයාගේ ඇස් වලින් කඳුළු ගුළියක්ම පිට පැන්නේය.








Reviews
There are no reviews yet.