Keheli.lk

20% OFF

Pilika Wattuwa-පිළිකා වාට්ටුව

රු680.00


ඇලෙක්සැන්ඩර් සොනිට්සින්, 1918 වර්ෂයේ රුසියාවේ රොස්ටෝව් නගරයේදී උපත ලැබීය. රොස්ටෝව් විශ්වවිද්‍යාලයෙන් ගණිත උපාධියක් ලබා සාහිත්‍ය පාඨමාලාවක් හදාරමින් සිටියදී ඔහු යුද පෙරමුණට කැඳවනු ලැබීය. එහිදී ස්ටාලින්ට විරුද්ධව කතා කිරීම නිසා ඔහු අට අවුරුදු සිර දඬුවමකට නියම වී විවිධ කඳවුරුවල දිවි ගත කළේ ය. 1953 ස්ටාලින්ගේ මරණයත් සමඟ නිදහස ලැබූ ඔහු තම බිරිඳත් සමඟ පිටුවහල් කළ සිරකරුවන් සේ තවත් තුන් අවුරුද්දක් ගත කළේ ය.

ඔහුගේ මුල්ම නවකතාව පළවූයේ නවලොව නම් සෝවියට් සඟරාවේ ය. සෝවියට් සාහිත්‍යයේ මූලික සිද්ධාන්තවලට එරෙහිවූ ඔහු සෝවියට් ලේඛක සංගමයෙන්ද නෙරපනු ලැබූ අතර යළිත් හිරබත් කන්නට සිදුවිය. ඔහුට සිරකඳවුරේ දී පිළිකාවක් වැලඳිණ. සිරකරුවකු වශයෙන් පිළිකා වාට්ටුවකට ඇතුළත් කරනු ලැබූ ඔහු එහිදී ලද අත්දැකීම් සහ සෝවියට් දේශපාලනයේ දූෂිත පැත්ත ගැන ද මේ පොතෙන් විස්තර කරයි.

සෝවියට් දේශය තුළ දේශ ද්‍රෝහියෙක්, සාහිත්‍ය ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසුන ද 1970 වසරේ දී ඔහු සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් තෑග්ගෙන් ද පිදුම් ලැබීය.

Out of stock

Weight 0.4 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Pilika Wattuwa-පිළිකා වාට්ටුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat