Peralu naum pasa-පෙරළූ නැවුම් පස
රු2,082.59
මිහායිල් ෂොලොහොව් (19051984) ලෙනින් සහ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබු ලෝකයේ නූතන ආරයේ ලේඛකයෙකි. ඔහුගේ Virgin Soil Upturned නවකතාව එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව ග්‍රාම්‍ය ප්‍රදේශ සාමූහික කරණය කරන වකවානුව පිළිබඳ ලියැවී ඇති අතර එය භාෂා 75 කට පරිවර්තනය කරනු ලැබ පිටපත් මිලියන තිහකට වඩා අලෙවි විය. 1932 වසරේ දී පළමු කොටස ප්‍රකාශනයට පත් කරන ලද අතර එම වසරේ දීම දෙවන කොටස ලිවීම ආරම්භ කරන ලද බව ෂොළොහොව් විසින් ප්‍රකාශ කරන ලදී. නමුත් දෙවන කොටස එළි දැක්වීමට 1960 දක්වා නොහැකි විය.
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව එය පිළිගත් ආකාරය විවිධ විය. එසේම කලින් කලට ඔවුන්ගේ නැමියාව ද වෙනස් වෙනසුලු විය. ජනතාවගේ සිත් තුළ මුල් බැස ගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු ද යන්න මෙයින් මොනවට පැහැදිලි වේ. සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන් ද, සෑම දෙයකම හාස්‍යය දකින්නන් ද, වැල යන අතට මැස්ස ගසන්නන් මෙන් ම උඩුගං බලා පිහිනන්නන් ද මෙහි අඩුවක් නැත. මෙය සෑම කල්හි ම එක සේ රස විඳිය
හැකි අගනා කෘතියකි.
මෙම පොත සිංහල බසට පරිවර්තනය කරනු ලැබුවේ අප හට රුසියානු සාහිත්‍යයට මන් පෙත් හෙළි කළ දැදිගම වී. රුද්‍රිගු මහතාය. ඔහුගේ සරළ බස් වහර අප එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ එම වකවානුව කරා ගෙන යන්නේ අනායාසයෙනි.










Reviews
There are no reviews yet.