Paulak Kiyanne…? – පවුලක් කියන්නෙ…?
රු432.00
ළමුන් උදෙසා ‘What is?’ යන තේමාව යටතේ ලෝ ප්‍රකට ලේඛක ඊට්න් බොරිට්සර් විසින් රචිත පොත් පෙළ ළමා ලෝකය පුළුල් කිරීම, ළමයින්ගේ තර්කන ශක්තිය වර්ධනය කිරීම, චරිත සංවර්ධනය මෙන්ම ලෝකය නිවැරදි ලෙසින් අවබෝධ කර ගැනීමට ළමයාට උපකාර කිරීම අරමුණු කර නිර්මාණය කරන ලද ආකර්ෂණීය කෘති පෙළකි. අප ජීවිතයේ විවිධ අංශ කෙරේ අවධානය යොමු කරමින් තමන් හට පවසනු ලබන දෙය මත ම නොරැඳී තර්කානුකූල සහ විශ්ලේෂණාත්මකව සිතන්නට මෙන්ම විවිධත්වය ඉවසන්නට, අභියෝගයන්ට මුහුණ දෙන්නට ළමයාට දැක්ම සහ ශක්තිය ලබා දෙන මේ කෘති පෙළ ළමුන්ට තනිව කියවන්නට දීම මෙන්ම එසේ කියවිය නොහැකි වයස්හි පසුවන ළමුන් හට වැඩිහිටියන් විසින් කියවා තේරුම් කර දෙනු ලැබීම ද එකසේ වැදගත් ය. ඔබ මේ කියවන්නට සැරසෙනුයේ ඊට්න් බොරිට්සර් විසින් What is Family?’ යනුවෙන් ඉංග්‍රීසි බසින් රචිත කෘතියෙහි සිංහල පරිවර්තනය යි.






Reviews
There are no reviews yet.