Keheli.lk

15% OFF

Nonimi senehasa – නොනිමි සෙනෙහස

රු1,402.50

ඉතිහාසයේ අමතක නොවෙන මොහොතකට පසු එළඹෙන, දිරියේ සහ නොනැසී පැවතීමේ හැඟුම්බර අන්දරයකි.

1912 වසරේ අප්‍රේල් මස. එඩ්විනා වින්ෆීල්ඩ් ඇය විවාහ ගිවිස ගත් පෙම්වතා චාල්ස්, ඇගේ දෙමාපියන් සහ ඇගේ සහෝදර සහෝදරියන් පස්දෙනා සමගින් එංගලන්තය කරා ගිය ඇගේ විවාහ ගිවිස ගැනීමේ චාරිකාව නිම කරමින්, නිව් යෝක් කරා යළි පැමිණෙමින් සිටියි. දැඩි ප්‍රේමයකින් වෙළී සිටින ඇය සහ චාල්ස් ඔවුන්ගේ නව දිවිය ඇරඹීමට මහත් ආශාවෙන් මඟ බලා සිටිති. ඔවුහු කවදා හෝ ගොඩ නැගුණු විශාලතම නෞකාව වෙන ආර්එම්එස් ටයිටැනික් නැවෙහි ගමනේ යෙදෙමින් සිටිති.
එහෙත්, එක් මාරාන්තික රාත්‍රියක, එඩ්විනාගේ ජීවිතය සදහටම වෙනස් වෙයි.තමන් පෙම් කළ මිනිසා අහිමිවීමෙන් ශෝක වෙන එඩ්විනා හට තනිවම තම සොයුරු සොයුරියන් රැකබලා ගැනීමටද සිදු වේ. තමන් හට මුහුණ දීමට සිදුවූ දරුණු ඛේදවාචකය විද දරා ගැනීමට සහ තමන් ආදරය කර, ටයිටැනික් නෞකාවේදී අහිමි වූ ආදරණීයයන්ගෙන් තමන් මුදවා ගැනීමට ඇය මාර්ගයක් සොයා ගනියිද?

Reviews

There are no reviews yet.

Be the first to review “Nonimi senehasa – නොනිමි සෙනෙහස”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat