Never Lai – නෙවර් ලයි
රු1,665.00
අලුත විවාහ දිවියට පා තැබූ යුවළක් වූ පැටේෂියා සහ ඊතන් හුන්නේ ඔවුන්ගේ සිහින නිවහන සොයමිනි.
නගරයෙන් දුර බැහැර. හුදෙකලා පෙදෙසක පිහිටි, වසර හතරකට පමණ පෙර කිසිදු සලකුණක් හෝ නැතිව අතුරුදන් වූ ඒඩ්‍රියන් හේල් නමැති සුප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරියට අයත්ව තිබූ සුවිසල් මන්දිරය ඔවුන්ගේ එකී සිහිනයට මනාව ගැළපෙන නිවහනක් ලෙස පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත්, ඔවුන් ඒ නිවහන බැලීමට ගිය මොහොතේ ආ දරුණු හිම කුණාටුවත් සමඟ ඔවුන් ඒ මන්දිරයේ කොටුවූයේ කුණාටුව අවසන් වනතුරු ඉන් පිටව යෑමට කිසිදු ඉඩක් ඉතිරි නොකරය.
හිම කුණාටුව අවසන් වන තෙක් කල්මරන අතරතුර කියවීමට පොතක් සොයමින් හුන් පැටේෂියා. මන්දිරයේ තිබූ රහස් කාමරයක් සොයා ගැනීම අහඹුවකි. ඒ තුළ වූයේ වෛද්‍ය වීඩ්රියන් තම රෝගීන් සමඟ පැවැත් වූ සැසිවාර සියල්ල පටිගත කළ හඬ පටය. හඬපට එකින් එකට සවන් දෙන අතරතුර, වෛද්‍ය හේල්ගේ අබිරහස් අතුරුදන් වීමට තුඩුදුන් අවාසනාවන්ත සිද්ධි දාමයක්ම පැටේෂියා ඉදිරියේ දිගහැරෙමින් තිබිණ.
ඈ ඒ රහස් සියල්ල හෙළිකර ගත්තාය.
රැය පහන් වනතුරුම පැටේෂියා හඬපට එකින් එක ශ්‍රවණය කළාය. ප්‍රහේලිකාවක කොටස් මෙන් ඒවා මනාව එකිනෙක හා සම්බන්ධ වූ අතර, වෛද්‍ය ඒඩ්‍රියන් හේල්ගේ ජිවිතයේ රහස් රැසක් හෙළිවෙමින් තිබිණ.
අවසානයේ පැටේෂියා අන්තිම හඬපටයද අසන්නට සැරසිණි.
ඒ අවසන් හඬ පටය තුළ උක්ත සිදුවීමේ බිහිසුණු සත්‍යය සම්පූර්ණයෙන්ම අන්තර්ගතව තිබෙනු ඇත.








Reviews
There are no reviews yet.