15% OFF
Nethu Haduwa Obata Hora – නෙතු හැඬුවා ඔබට හොරා
රු1,181.50
තරගයේ උච්චතම අවස්ථාව එළැඹෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදු වූ දේ පිළිබඳව අවිනාශ්ට කෙසේ වත් සිතා ගැනීමට පුළුවන් වූයේ නැත. කුමක් හෝ අතපසුවීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාළ වූ අතර, දෙවෙනි ස්ථානයේ වූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදියේ වදින නොවදින පරතරයට පැමිණියේය. එසේ ආසන්නයටම ආ රතු පැහැති යතුරු පැදිකරු නිකන් බලා සිටියේ නැත. ඔහු නම් වම් පාදය මදක් ඉහළට ඔසවා අවිනාශ්ගේ යතුරු පැදියේ පසුපස මඩ ආවරණයට ප්රබල පහරක් එල්ල කළේය. අවිනාගේ තිබු ක්ෂණික ක්රියාකාරිත්වය නිසාම වම් පහර අසීරුවෙන් වළක්වා ගත්තද, රතු පැහැති යතුරු පැදිකරු නම් දෙවන පහරට සුදානම් වන අයුරු අවිනාශ් දුටුවේය.ඒ අතර ඉදිරියෙන්ම තිබුනේ ඉතා විශිෂ්ඨ ගණයේ අහස් පිමිමකට සුදානම්ව පැවැති උස් කඳු ගැටයයි.









Reviews
There are no reviews yet.