Keheli.lk

15% OFF

Moriyo Geethaya – මොරියෝ ගීතය

රු1,020.00

ඩෝරා කෙතරම් අනුකම්පාවෙන් ඔහු දෙස බලා සිටියද ඇගේ ඇස්වල ඇති සරාගී බව දැඩිව ඉස්මතු වේ. ලියෝ ඇයගේ ඇස් දෙසත්, කැරලි කොන්ඩය දෙසත් වේදනාව මැදින් මඳ වේලාවක් බලා සිටියේය. මොහොතකින් ඔවුනොවුන් කොටු පවුර මත ගෙවුණු ඒ සොඳුරු මොහොතට දෙදෙනාගේම මතකයන් ගෙන ගියේය.

මොරීයෝව සිසාරා හමා ආ ඒ සීතල සුළඟේ ලෙළදුණු කෙහෙරැලි ඇගේ මුව මත දඟ කළ ආකාරය ලියෝට සිහි විය. සිදුවන්නට යන දේ සිතාගත නොහැකිව සිටි ලියෝ සියලු භීතිය මඳකට අතහැර දමා සිසිල් සුළඟට ඒ මේ අත දඟ කළ ඩෝරාගේ කෙහෙරැලි හිසේ පිටුපසට සිටින සේ ඇඟිලි තුඩු වලින් ගොනුකර තැබුවේය. ඉන්පසු දෑතින්ම ඇගේ දෙකම්මුල් අල්ලා ඔහු වෙතට ළං කරගත් ඒ උණුසුම ඩෝරාට ද සිහි විය.

රජ බිසවකගේ දෙතොල් කුළුඳුලේ සිප ගැනීමට තරම් ඈත කුනීස් දේශයේ වෙළද පවුලක කඩවසම් පුතෙකුට හැකි වීම පුදුමයකි. කෙසේ වෙතත් ඩෝරා ඔහුව විශේෂ කර සැලකීමට හේතුව ලියෝට ද තවමත් අබිරහසකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Moriyo Geethaya – මොරියෝ ගීතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat