Miyadunu Vila-මියැදුණු විල
රු297.50
සීතල යුධ සමයේ සෝවියට් දේශය ඇසුරින් රචිත මේ නවකතාව යුද උන්මාදයෙහි එක් ප්‍රතිඵලයක් වන පාරිසරික විනාශය පසුබිම් කරගනිමින් ඒ හරහා මනුෂ්‍යත්වය අත්විඳින බේදය ද සිත් කම්පා කරවන අයුරින් ඉදිරිපත් කරයි. න්‍යෂ්ඨික පිපිරවීම් පිළිබඳ අත්හදාබැලීම් සිදුකෙරෙන සෝවියට් කසකස්තානයෙහි දුෂ්කර පළාතක හැදී වැඩෙනා යෙර්ශාන් නම් කොලුවකු කේන්ද්‍රගත කරගනිමින් දිගහැරෙන මේ කෙටි එහෙත් නිර්මාණාත්මක අතින් ඉතා පොහොසත් නවකතාව ජීවිතය වෙනුවට ඝාතනය තෝරා ගැනීමට මිනිසුන්ට බල කරනා දේශපාලන වියරුවක අනවරත ගොදුරු බවට පත්වන මිනිසුන්ගේ බිහිසුණු ඛේදවාචකය අනාවරණය කරන්නේ එය එක් කලාපයකට පමණක් සීමාවන්නක් නොවන බව ද අපට සිහිපත් කරමිනි.
මිහිමත දිගහැරෙන ඉතිහාසයෙහි අපරූපී යථාර්ථය සිය නිර්මාණ තුළින් නිරූපණය කිරීම සම්බන්ධයෙන් ගත්කල හමීඩ් ඉස්මයිලොෆ් තුළ ඇත්තේ සල්මන් රුල්ඩි හා සමාන වන කුසලතාවකි.
(ලිටරරි රිවීව්)
ඉස්මයිලොෆ් අයත් වනුයේ ගොගොල්ගේ සිට බුල්ගාකාෙව් සහ ප්ලැටනොව් දක්වා වන රුසියානු උපහාසාත්මක නවකතාකරුවන් අනුදත් සම්ප්‍රදායට ය. ඔහු සිය නිර්මාණ හරහා සෑම තැනකින්ම දීප්තිය විහිදෙන ඉතා සාරවත්,
වෛවර්ණ සිත්තමක් නිමවයි.
(ඉන්ඩිපෙන්ඩන්ට්)









Reviews
There are no reviews yet.