15% OFF
Misara apsara-මිසර අප්සරා
රු1,402.50
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගීගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලතවෙමින්ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලී ගොසින් තිබුණි.
“අහගන්න මගේ ආදරණීය දරුවා… ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියා මරා දැමූ ඒ ද්‍රෝභී රුධිරය. හැඟීම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා.”
ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රෑ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද?ආදරයද,,?පළිගැනීමද,,?
ඔහු මේ හැඟීම් දෙක අතර සිරව ගියේය.









Reviews
There are no reviews yet.