Keheli.lk

10% OFF

Me bawaye di ma sowan wenna puluwan-මේ භවයේ දී ම සෝවාන් වෙන්න පුළුවන්

රු1,530.00

ඔබ මෙම ග්‍රන්ථය කියැවීමෙන් අවසාන වශයෙන් ඉගෙනගතයුතු කරුණු දෙකක් ඇත. පළමු වැනි කරුණ, සෝවාන් මාර්ගයෙහි ගමන් කරන ඔබ සෝවාන් මාර්ගයට පත්වීමට පහතදැක්වෙන අංග හතරෙන් අනිවාර්යයෙන්ම එගොඩ විය යුතුය. එම අංග හතර නම්; (1) බුදුරජාණන් වහන්සේගේ ගුණ දැන නොසැලෙන පැහැදීම. (2) ධර්මයේ ගුණ දැන නොසැලෙන පැහැදීම. (3) සංඝ රත්නයේ ගුණ දැන නොසැලෙස පැහැදීම. (4) ඔබ ආර්යකාන්ත ශීලයෙහි (පංචසීලයෙන්) සමන්නාගත වීම. දිනපතා ත්‍රිවිධ රත්නයට මල් පහන් සුවඳ දුම් පූජාක්කොට ත්‍රිවිධ රත්නයේ ගුණ 24 දිනපතා සජ්ජායනා කිරීමෙන් ඔබ සෝවාන් මාර්ගයට පත්වෙනු ඇත. සතර අපායෙන් මිදෙනු ඇත.

දෙවැනි කරුණ; සෝවාන් ඵලයට පත්වීමට නම්; (1) සත්පුරුෂ සේවනය, (2) සද්ධර්ම ශ්‍රවණය, (3) යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම, (4) ධර්මානුධර්ම ප්‍රතිපදාව – ශ්‍රවණය කළ ධර්මය අනුව මෙනෙහි කිරීමට ක්‍රියා කිරීම යන අංග හතර සම්පූර්ණ කිරීමෙන් ඔබ අංග අටම සම්පූර්ණ කරනු ඇත. එවිට ඔබ සෝතාපත්ති තත්ත්වයට පත්වීම අවසන් කරනු ඇත. ඔබ කුසල ගංගා හෙවත් පුණ්‍ය ගංගා අටෙන්ම එතෙර වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Me bawaye di ma sowan wenna puluwan-මේ භවයේ දී ම සෝවාන් වෙන්න පුළුවන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat