Keheli.lk

20% OFF

Mandaram Uyana-මන්දාරම් උයන

රු600.00

ස්වර්ණ පුස්තක සම්මාන 2019 දෙවන වටය සදහා නිර්දේශිත

දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය. අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනකට වන්නට තිබෙන මෙම පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනක වුවද අඳුරුය. නුග ගසකින් හෙවණ වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී. පොකුණ අසල ඇති උණ පඳුර යට ඇති ගල් බංකුව මත වාඩිවී පොකුණ දෙස බලාගෙන සිටීම දුල්කිත්ගේ දින චර්යාවේ අංගයකි. එසේ බලා සිටින විට පොකුණෙන් මතුවන විවිධාකාර සතුන් ඔහුට දැක ගත හැකිය. පෙණය විදහාගෙන චීන කළු පැහැ නාගයින්, අං සහිත විශාල කටුස්සන්, ඇස්වලින් හා මුවින් ගිනිදලු විහිදන මකරුන්, හැඩපලු ගෙතී ඇති කෙස් වැටිවලින් හා දික්වූ නියපොතු සහ දත් සහිත ගැහැනුන් මිනිසුන්, මොවුන් සියල්ලන්ම සමඟ කතා කරමින් කාලය ගතකරන දුල්කිත් මේරි අම්මාගේ නොනවතින බැණ අඬගෑම හමුවේ ඔවුන් සියල්ල නැවත පොකුණේ සඟවා නිවස වෙත යන්නේ හිස් වූ සිතිනි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Mandaram Uyana-මන්දාරම් උයන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat