Keheli.lk

10% OFF

Mahathupa dagab sithuwam-මහාථූප දාගැබ් සිතුවම්

රු1,791.00

පර්යේෂකයා පුද්ගලයන් සමග නොව දත්ත සමග ගනුදෙනු කරන්නෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් දත්ත බලහත්කාරයෙන් පෙළඹවීමට ලක් නොකළ යුතු ය. වාසිදායක හා අවාසිදායක දත්තයන වර්ගී කරණයෙන් අත්මිදිය යුතු අතර, අදාළ සැම දත්තයක් ම පාඨක අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුය.

ශාස්ත්‍රීය පර්යේෂණය, කෝරාගත් චරිත හා ඒවාට එල්ල කරන අඩු වැඩි ආලෝක ධාරා ද, පිටපතකට අනුව ලබා දුන් දෙබස් ද මගින් තමන්ට අවශ්‍ය කථාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන වේදිකා නාට්‍යයක් නොවේ. සංවේදී තේමා සමග ගනුදෙනු කරන පර්යේෂකයා දත්ත මගින් ඉදිරිපත් කෙරෙන කතාව පාඨකයාට සන්නිවේදනය කිරීමට උපකාර කරන, ශික්ෂණයෙන් යුතු, විමර්ශනශීලී අතරමැදියෙක් පමණි. මේ ගුණාංග හැකි උපරිමයෙන් ආරක්ෂා කර ගනිමින් මහා ථුප දාගැබ සිතුවම් ප්‍රවාදය සාකච්ඡා කිරීමට උත්සුක වීමි. එතරම් නොවැදගත් යැයි සිතිය හැකි කරුණක් වුවත් සියුම්ව අධ්‍යයනය කළ විට ගැඹුරු ශාස්ත්‍රීය සාකච්ඡාවකට ප්‍රවේශ සලසා ගත හැකි බැව් සනාථ කරනු පිණිස මේ ප්‍රයත්නය සාක්ෂ්‍යයක් වනු ඇතැයි මම උදක්ම විශ්වාස කරමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mahathupa dagab sithuwam-මහාථූප දාගැබ් සිතුවම්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat