Keheli.lk

15% OFF

Brohiyer Dutu Lankawa-බ්‍රෝහියර් දුටු ලංකාව

රු1,020.00

ආචාර්ය ආර්. එල්. බ්‍රෝහියර් දුර්ලභ ගණයේ පුද්ගලයකු වුයේ එතුමා භූගෝල විද්‍යාඥයකු හැටියටද, ඉතිහාසඥයකු හැටියට ද පරිණත පුද්ගලයකු වූ නිසාය. මේ නිසා මිනින්දෝරුවකු හැටියට ඔහු ගේ වෘත්තිය ඔහුට ඉතා සුදුසු එකක් විය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර, ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින්ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන ඒ සහ පොත් මගින් ලාංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලාංකික ජනතාව, පරිසරය සහ එහි ඉතිහාසය පිළිබඳ පෘථුල දැනුමක් ඇතිකර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සඳහා ලේඛණාරූඪ කොට තැබීය. විදේශයන් හි ද බොහෝ ගවේෂණයන් හි යෙදුන එතුමා ඒ ඒ රටවල වාරිමාර්ග සහ ඉඩම් ප්‍රවේණිය පිළිබඳව ද කරුණු අධ්‍යයනය කළේ ඒවායේ පුරා විද්‍යාත්මක වටිනාකමට ද විශේෂ වැදගත්කමක් දෙමිනි.
එතුමාගේ කෘතීන් තුළින් පැහැදිලි ව ගම්‍ය වන එක් ප්‍රධාන කරුණක් නම්, මේ සුන්දර දිවයින සහ එහි ජනතාව කෙරෙහි එතුමා තුළ වූ අපරිමිත ආදරය සහ ගෞරවය යි.

Reviews

There are no reviews yet.

Be the first to review “Brohiyer Dutu Lankawa-බ්‍රෝහියර් දුටු ලංකාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat