Keheli.lk

10% OFF

Mahasen – මහසෙන්

රු450.00

අකලංක හිමියෝ සිවුරුපට සකසාගනිමින් අඩසඳ දෙස බලා සිටියහ. අතුල්‍ය ආචාරීන් සතු ව පවත්නා විචක්ෂණභාවය කොතෙක් දැ යි උන් වහන්සේට සිතිණ. අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා ඕනෑ ම ක්‍රමෝපායක් යුක්තියුක්ත කිරීමේ හැකියාව එදා සිට ම ගෝඨාභය මාපාණන් තුළ වී යැයි අතුල්‍ය කියයි. එය ඕනෑ පාලකයකුට, රජකුට, රජ සිහිනයේ ගැලී සිටින්නකුට ආවේණික වන්නක් වන බව ද ඔහු පෙන්වා දෙයි.
තනි පුද්ගලයකු තුළ රාශිභූත වන සමාජ ශක්තියේ දුර්විපාක මුළුමහත් රටකට බලපෑම් කෙරෙන අයුරු පිළිබඳ පාඩම් ඉතිහාසය මිනිසාට උගන්වා තිබේ. එහෙත් ඒවා ග්‍රහණය කරගැනීමට තරම් සියුම්කමක්, විචාරශීලි බවක් මිනිසුන් බහුතරයකට නැත. ‘යහපාලනය’ පිළිබඳ ව ජනතාව තුළ පවන්තා මනෝරාජික සිහින සැම විට ම බොඳ වී යන්නේ එහෙයිනි. අතුල්‍ය ආචාරීන් නම් පවසන්නේ ‘දැහැමි පාලකයකු පිළිබඳ අපේක්ෂාව ම මිථ්‍යාවකි’ යි කියා ය. ධර්මිෂ්ඨ රජුන් ජීවමාන වන්නේ යැ යි සිතා උදම් වන රට වැස්සෝ ඉතා ඉක්මනින් සිය මායාදැල ඉරාගනිති,
ඒ, පාලකයකුගේ එක ම එක සත් ක්‍රියාවක් කරළියට නැගෙන්නේ කරළිය පසු පස සිදු වූ, සිදු කළ අසත් ක්‍රියා සියයකින් පසු ව වන බැවිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mahasen – මහසෙන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat