Keheli.lk

15% OFF

Kusum Niwasnaya – කුසුම් නිවස්නය

රු1,275.00

රිදුණු සිතැති තාපි පහ දීප් ලත් අවසරයෙන් ජීවිතය අල්ලා බදා ගැනීමට සැරසී සිටින ප්‍රේමයෙන් හා ජීවයෙන් පිපාසිත වූවෝය. යේෂා ලිවීමට දක්වන අනුරාගයටත් ජීවිතය වෙත හෙළන ප්‍රේමණිය බැල්මටත් තාපි සහ දීප් පණ දෙති. ආදරයේ සීමා නිම්වළළු නම්‍යශීලී යැයි ද අනියතැයිද ඇය ආදරයෙන් පවසන්නීය.

-සුරත් ද මැල්-

ජීවිතය අන්ධකාරය වෙළා ගන්නේ යම් හැරවුම් ලක්ෂයකට පෙර බවත්. මෙතෙක් ආ ගමන් මග වෙනස් කර ආලෝකය නාභිගත කරන මනුෂ්‍ය ආත්මයක් විශ්වය විසින් එවන බවට බලාපොරොත්තු දැඩි කරන ලිවීමක්.
-උත්තරා අසේනි නන්දකුමාර-

පශ්චාත්නූතනවාදී යුගයක මුඩු බිමක් වෙමින් ඇති රෝමාන්තික භාව කලාපය යේශා නැවත අස්වද්දන විට අප සදාකල් ලුහුබදින අතීත දරුවා කුසුම් නිවස්නෙයෙහි අරුමැසි ප්‍රේමයක සුවද අතර අපටම හමුවෙයි.
-චන්දිම කාරයවසම්-

ඇස් ඉවතට ගන්න නොහිතෙන සිනමා පටයක් බලනවා වැනි ආකර්ෂණයක්, හින සුවපත් කරන තනුවකට සවන් දෙනවා වැනි සුවදායී බවක් එක්ක පොතක් කියවීමට එහා ගිය වෙනස්, යේෂාමය අත්දැකීමක්.
-දිල්ෂ් තත්සරණි-

 

Reviews

There are no reviews yet.

Be the first to review “Kusum Niwasnaya – කුසුම් නිවස්නය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat