Keheli.lk

20% OFF

Kande deiyo-කන්දේ දෙයියෝ

රු1,040.00

ස්වකීය පරිකල්පනය නිශ්චිත දිශානතියකට කේන්ද්‍ර කර ගනිමින් කතුවරිය විසින් අවදි කරනු ලබන නිර්මාණශීලීත්වය කුසලතාපූර්ණ වූවකි. පාඨක මනස සංවේදීව ග්‍රහණය කරගැනීමට මෙම ගෙත්තම සමත්ය. ප්‍රාදේශීය කථන භාෂා භාවිතය ජනනය කරන්නේ අපූර්වත්වයකි.නවකතාව සත්‍ය හා පරිකල්පනය මත දෝලනය වන්නකි. කන්ද උඩරට සිංහලයේ අවසාන රාජ්‍ය පාලන සමය හා සබැඳි නවකතාවකි. මෙවැනි නවකතාවක වැදගත්ම සාධකය වන්නේ ඓතිහාසික රේඛාවේ එය ස්ථානගත කරන නිශ්චයයි. අප්‍රකට ජනශ්‍රැති හුයක ස්පර්ශයෙන් පුබුදු කල නිර්මාණශීලී පරිකල්පනය පාඨක ජීවන අත්දැකීමක් බවට පත් කිරීමට කතුවරිය ප්‍රබල උත්සාහයක යෙදී තිබෙන බව පැහැදිලිය.සමකාලීන සමාජ, ආර්ථික, දේශපාලන පරිසරය චරිත මෙහෙයවන සමාජ බලවේග, විශ්වාස, මානසික ගැටුම්, අභිමතාර්ථ හා සබැදි පුද්ගල චර්යාව අවදි කරන්නේ ජීවිතයේ හරයයි. නවකතාව ජීවිතය කියවීමක් ලෙස සලකන්නේ එබැවිනි. සිංහල රාජවංශය අවසාන අවධියේ සංසිද්ධියක් පාඨක අත්දැකීමක් බවට පත්කිරීමට නවකතාකරණයට අත්පොත් තබමින් කතුවරිය ප්‍රදර්ශනය කරන ප්‍රතිභාව අගය කරමි.අත්දැකීමෙන් පරිණත වෙමින් සම්භාවනාවට පාත්‍ර විය හැකි කුසලතාවක් කතුවරිය සතුබව සටහන් කරන්නේ වගකීමකිනි. සුභ පතමි.

-මහාචාර්ය කමල් වලේබොඩ-

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Kande deiyo-කන්දේ දෙයියෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat