Kadawuraka Sewane – කඳවුරක සෙවනේ
රු320.00
කිසියම් පුද්ගලයෙකුට විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් ලැබෙන අධ්‍යාපනික අත්දැකීම වඩාත් අර්ථවත් වන්නේ රටේ සතර දෙසින් පැමිණෙන විවිධාකාර ශිෂ්‍ය ප්‍රජාව සමග වසර තුනක් හෝ හතරක් ගත කිරීමට ලැබෙන ‘ජීවත අත්දැකීම් බෙදා-හදා ගැනීමේ අපූර්ව අවස්ථාව’ නිසා බව එකවිටම හැඟී යයි. මෙම අර්ථ ගැන්වීම පරිපාකයට පත් වන්නේ විශ්ව විද්‍යාල ජීවිතය පාදක කරගෙන බිහි කෙරෙන නිර්මාණාත්මක සාහිත්‍යය මගිනි.
හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි පාසල් සමයේ සිටම ලේඛන කටයුතුවල යෙදී ඒ පිළිබඳ මනා පරිචයක් ඇත්තෙකි. කැස්බෑවේ සෝමවීර චන්ද්‍රසිරි කවියාගේ මුණුබුරෙකු ලෙස නිර්මාණාත්මක සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ තම උරුමය ඉදිරියට ගෙන යන්නට වැර වෑයම් කරමින් සිය සරසවි සගයන් ද ඒ වෙත පොළඹවා ගනිමින් වෙහෙසුණු ආකාරය අදද මගේ මතකයට නැගෙයි. එදා සිට වර්තමානය දක්වාම ඔහුගේ සාහිත්‍ය නිර්මාණ චාරිකාව කවිය, ගීතය. කෙටිකතාව, නවකතාව, නාට්‍යය ඈ වශයෙන් සමාජගත කිරීමට ඔහු සමත් වී ඇති ආකාරය සතුටට හේතුවකි.
මෙම යොවුන් නවකතාවට පාදක වී ඇත්තේ විෂය කේන්ද්‍රිය අධ්‍යාපනයෙන් බැහැර වෙමින් සමාජ, දේශපාලනික හේතු මත කොන් වී කිසිවකුගේ අවධානයට හසු නොවූ ගම්මානයක වෙසෙන මනුෂ්‍ය ප්‍රාණීන් කොටසකගේ සමාජ-ආධ්‍යාත්මික ජීවිතය නගා සිටුවනු වස් විශ්ව විද්‍යාල ඇදුරන් සහ සිසුන් එක්ව සංවිධනය කෙරුණු ‘තරුණ කඳවුරක’ සිය ආත්මීය මෙහෙවර ඉටු කරන යොවුන් පිරිසකගේ ජීවිත පිළිබඳව දැක්වෙන ආත්මිය විවරණයකි.








Reviews
There are no reviews yet.