Keheli.lk

10% OFF

Ira thimira pata – ඉරා තිමිර පට

රු891.00

“ඔයාගෙ එක බර්ත්ඩේ එකකට මං පුංචි තෑග්ගක් දුන්නා. දුන්නා විතරක් නෙමෙයි. පොරොන්දුවකුත් ගත්තා. මතකද?”
“මට කිසිම දෙයක් අමතක වෙලා නෑ.”
“කෝ ඒ මුකුත්තිය?”
“තවම තියෙනවා. ඔයා කාව්‍යා බැඳපු දවසකට මම ඒක ගලවලා තියන්නම්.”
“කාව්‍යව බැඳපු දවසට”
“හැමදේකටම තීන්දු තීරණ ගන්නෙ ඔයා. ඔයා මාව වරදවා වටහා ගත්තට මං මොනවා කරන්නද? මගේ වෘත්තිය අවබෝධ කරගත්තෙ නැති නිසා ඔයා මගෙන් ඈත් වුණා.”
“මං ඈත් වුණාට කාව්‍යා ඔයා ළඟ ඉන්නවනෙ.”
“නෑ. කවදාවත් නෑ. මගේ වෘත්තියට ජනප්‍රියත්වය ඕන. ඒ ජනප්‍රියත්වය ලබා ගන්න ප්‍රසිද්ධියෙ යම් යම් ප්‍රකාශ කරන්න අපි දෙන්නටම සිද්ධ වුණා. ඒත් නිළියක් අනාගත සහකාරිය කරගන්න මට කවදාවත් ඕනකමක් තිබුණෙ නෑ.“
“දැන් ඔය මොන දේ කිව්වත් වැඩක් නෑ කල්‍යාන්. මං ඒ අතීතය හිතෙන් ඈත් කරලා ගොඩාක් කල්.”
“ඔච්චර නපුරු වෙන්න එපා අර්චනා.”

Reviews

There are no reviews yet.

Be the first to review “Ira thimira pata – ඉරා තිමිර පට”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat