Keheli.lk

10% OFF

Idora Mal – ඉඩෝර මල්

රු990.00

” උදව් කරනවද මට..? මෙතන ඉඳන් අපේ ගෙදරට යන විදිය කියන්න පුළුවන්ද..?”
මම ගැට ගැසූ වචන සියල්ල ඔහුට තේරුණාදැයි නොදනිමි. එහෙත් ඒ දෙබැම හාවු අයුරින් නම් සියයට සීයක් ඔහුට මා පැවසූ දේ නොවැටහුණු බව ඇඟ වෙන්නට විය.
” ගෙදරට යන්න පාර අමතක වෙලා කියලද කියන්න හදන්නෙ..?”
” අමතක වෙලා නෙවෙයි දන්නෙ හැ… මාමා උදේ කියලා දුන්නා යන්නෙ කොහොමද කියලා… ඒත් දැන් මාව පැටලිලා වගේ…” මගේ හඬ තිබුණේ දෙදරමිනි. එය ඔහුට ද දැනෙන්නට ඇත. හේ කෝපයෙන් මෙන් රළුව බලද්දි, මම අසරණ බැල්මක් හෙළුවෙමි.
” මොන මඟුලකටද නොදන්න තැන්වල ඇවිදින්න ආවේ..? මේ කොහෙ ගිහින්ද එන්නෙ..?”
“වැඩට…”
” කොහෙද ..? ”
” මහන තැනක… අද පටන් ගත්තේ.”
ඔහුගේ මුවින් පිට පැන්නේ බරැති සුසුමකි. හේ වමත බැඳී ඔරලෝසුව දෙස බලමින් මා වෙත හැරෙන්නට විය. පෙර මෙන් සිනාවක්  ඒ මුව අසලක හෝ තිබුණේ නැත. තත්පර කටුව රාත්‍රියට සැරසෙන්නට ඉඟි දෙද්දී මගේ පපුව ගිනි ගන්නා තරම් කොට නම් කියන්නද..?
“වාහනේට නගින්න මං ගිහින් දාන්නම්.”

Reviews

There are no reviews yet.

Be the first to review “Idora Mal – ඉඩෝර මල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat