Idora Mal – ඉඩෝර මල්
රු990.00
” උදව් කරනවද මට..? මෙතන ඉඳන් අපේ ගෙදරට යන විදිය කියන්න පුළුවන්ද..?”
මම ගැට ගැසූ වචන සියල්ල ඔහුට තේරුණාදැයි නොදනිමි. එහෙත් ඒ දෙබැම හාවු අයුරින් නම් සියයට සීයක් ඔහුට මා පැවසූ දේ නොවැටහුණු බව ඇඟ වෙන්නට විය.
” ගෙදරට යන්න පාර අමතක වෙලා කියලද කියන්න හදන්නෙ..?”
” අමතක වෙලා නෙවෙයි දන්නෙ හැ… මාමා උදේ කියලා දුන්නා යන්නෙ කොහොමද කියලා… ඒත් දැන් මාව පැටලිලා වගේ…” මගේ හඬ තිබුණේ දෙදරමිනි. එය ඔහුට ද දැනෙන්නට ඇත. හේ කෝපයෙන් මෙන් රළුව බලද්දි, මම අසරණ බැල්මක් හෙළුවෙමි.
” මොන මඟුලකටද නොදන්න තැන්වල ඇවිදින්න ආවේ..? මේ කොහෙ ගිහින්ද එන්නෙ..?”
“වැඩට…”
” කොහෙද ..? ”
” මහන තැනක… අද පටන් ගත්තේ.”
ඔහුගේ මුවින් පිට පැන්නේ බරැති සුසුමකි. හේ වමත බැඳී ඔරලෝසුව දෙස බලමින් මා වෙත හැරෙන්නට විය. පෙර මෙන් සිනාවක් ඒ මුව අසලක හෝ තිබුණේ නැත. තත්පර කටුව රාත්රියට සැරසෙන්නට ඉඟි දෙද්දී මගේ පපුව ගිනි ගන්නා තරම් කොට නම් කියන්නද..?
“වාහනේට නගින්න මං ගිහින් දාන්නම්.”










Reviews
There are no reviews yet.