Keheli.lk

15% OFF

Gimhanaye Awasanaya-ගිම්හානයේ අවසානය

රු807.50

සැප පහසු සුවිසල් නිවෙසක්, මිල මුදල්, මිල අධික ඇඳුම් පැලඳුම්, සුඛෝපභෝගී වාහනයක්, ඉස්තරම්ම වර්ගයේ දියමන්ති, කඩවසම් කාර්යශීලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජීවිතයට ලැබී තිබුණි. නමුත් ඇගේ සැමියා මාර්ක් එඩුවාඩ් ජාත්‍යන්තර නීතිඥයකු වශයෙන් ගතකළේ කාර්ය බහුල සංචාරක ජීවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩීනාට ගත කිරීමට සිදු වී තිබුණේ හුදෙකලා පාළු ජීවිතයකි. ඒ, ඇගේ ජීවිතයට බෙන් පිවිසෙන තුරු ය. හුදෙකලා පාළු ලෝකයක තනිවී සිටි ඩීනා නිරාමිස සතුට, නිදහස සැනසුම පිරි ඒ ජීවිතය කෙරෙහි ඇදී ගියේ නිරායාසයෙනි. හිරු රැස් උරාගත් වැලි තලා පැතිර ගිය මුහුදු වෙරළ ඔවුන් දෙදෙනාගේ ජීවිත ද උරාගත් බවක් පෙනුණි. නමුත් සිහිනයක් බඳු ඔවුන්ගේ සුවදායක සැනසුම සතුට පිරුණ ලෝකය ගිම්හානය නිමාවත් සමගම කෙළවර වෙන බව ඔවුහු දැන සිටියහ. එසේම යළි ඔවුනට එකිනෙකා නොමැතිව ජීවත් විය නොහැකි බව ද ඔවුහු දැන සිටියහ. නමුත් ගිම්හාන ඍතුව අවසාන වෙන විට ඔවුන්ගේ සොඳුරු ලෝකය වනසාලන වේදනාකාර් තීරණාත්මක වෙනස්වීම් රැසක් සිදුවෙන බව ඔවුන් දුටුවේ නැත. එය ගැඹුරු ආදරයත් ජීවිත පරිත්‍යාගයත් කැටිකරගත් කතාවක් විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Gimhanaye Awasanaya-ගිම්හානයේ අවසානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat