Garuda Muhurthaya-ගරුඩ මුහුර්තය
රු1,350.00
*** 2017 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව ***
සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේ ය. කපුරු මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වු දර ඉපල්, අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරීය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්, අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවා ය. ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි. ඇයගේ පැවතුම අමුතු ය. සරණාට එය වැටහේ. ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේ ය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවා ය. සරණා බලා සිටියේ ඈ කිසිවක් කියනු එහෙත් ඈ කුමක් තම ඇඟෙහි ගෑවී ඇතැයි බලාපොරොත්තුවෙති.හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟේ නොගෑවී නවතින විට, ”මොක මේ?” යි ඔහුට ඇසුණේ ඉබේම ය. ඇගෙන් පිළිතුරක් නොලැබිණි. එහෙත් ඇගේ ඇස අමුතු විය.
Availability: In stock









Reviews
There are no reviews yet.