Keheli.lk

10% OFF

Dushtayage Premaya – දුෂ්ඨයාගේ ප්‍රේමය

රු1,575.00

‘ඔසර ශශ්වීන්ද තේජවර්ණ’

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු දුෂ්ඨයෙකි.

තමාගේ ප්‍රේමය වූයේ කල්පය. ඔසර යනු එම ප්‍රේම කතාවේ දුෂ්ඨයාය. ඔහු තමා හිමි කර ගත්තේ ද දුෂ්ඨකමෙනි. අද ඔහු තමාගේ ස්වාමිපුරුෂයාය. ඔහුගේ බීජයක් සිය කුස තුල ඔහු රෝපණය කර ඇත. කුමන ආකාරයකින් හිමිකර ගත්තද ඔහු තමාට පුදන්නේ අසමාන වූ අරුමැසි ප්‍රේමයකි.

තමාගේ ජීවිතය ඔහු උඩු යටිකුරු කර ඇත්තේ පුදුමාකාර ලෙසින්ය. අනපේක්ෂිත වු සිදුවීම් පෙළක් සිදුවුණ ද දැන් තමා දිවි ගෙවන්නේ සතුටින්ය. ඒ දුෂ්ඨයාගේ ප්‍රේමය විටෙක තමාට දැරිය නොහැකි තරමිය.

කිසිවකු ඉදිරියේ දණ නොනමන කඩවසම් පෞරුෂයක් හිමි ඔසරගේ යුවතියන් වසඟ කරවන මන බදින සිනහව මන්සදීගේ සිතෙහි මැවී පෙනේ. තමා මේ වන විට උමතුවෙන් මෙන් ඔහුට පෙම් කරනවා නොවේද?

තමාගේ ජීවිතයේ සියලුම රසයන් ඔහු සොරා ගත්තේ තමාට ද නොදැනෙන ලෙසය. ඔහුගේ අනුරාගී සිපුමක් නොමැතිව දිනයක් ගෙවිය නොහැකි වන තරමට තමා ඔහුට ඇබ්බැහි වී ඇත….

එහෙත් මන්සදී ඒ සියල්ල ඔහුගෙන් වසන් වන අයුරින් සුපුරුදු ආඩමිබර ලීලාවෙන් කටයුතු කරන්නේ විටෙක ඔසරව කෝප ගන්වමිනි.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Dushtayage Premaya – දුෂ්ඨයාගේ ප්‍රේමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat