Keheli.lk

10% OFF

Dewana sada-දෙවන සඳ

රු1,161.00

“දන්නවද කොලේජ් එකෙන් අවුට් වෙද්දි යාලුවෙක් මගේ ඔටෝග්‍රාෆ් එකේ ලියලා තිබුණා. අනුන්ගේ හොඳ දකින්න. ඒත් ඔවුන්ගේ මුහුණු වල ලස්සනට නොරැවටෙන්න කියලා.”
“හැබෑද?”
“හැබෑ තමයි. තමුසෙ අර නිළියගෙ රූපෙට රැවටිලා.”
“මම…? පිස්සුද අයියා? මම… මම…

“මල්ලි. මම ඉපදුනේ උඹට කලින්. අනික උඹ වගේ රිදී හැන්දක් කටේ ගහගෙන ඉපදිච්ච නැති මට උඹට වඩා ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙනවා.”

“වෙන්න ඇති…

“ශාමලා උඹ එක්ක හොඳට කතා කරපු බව ඇත්ත. ඒත් එයා උඹට ආදරේ කරනවා කියලා හිතනවා නම් ඒක මුළාවක් මල්ලි. නිදාගන්න ගිහිල්ලත් ආපහු ඇවිත් මේක උඹට කියලා යන්නයි මම ආවෙ.

‛ගුඩ් නයිට්” කියලා අයියා කාමරෙන් පිට වෙලා ගිහිල්ලත් ගොඩක් වෙලා යනතුරු මම බලා හිටියෙ ගල් රූපයක් වගේ.

ඇත්තටම ශාමලා එදා මගේ හිතට ඇතුළු වුණේ හරියට මල් සුවඳක් වගෙයි. ඉගෙන ගන්න පන්තියට ගියත්, ගෙදර හිටියත්, නිදාගන්න ගියත්, සෙල්ලම් කරන්න ගියත් ඒ මල් සුවඳ දිගටම මගේ හිත ඇතුළෙ තිබුණා. ඒත් සිනමා නිළියක් කියන්නෙ කවදාවත් තනි කෙනෙකුට අයිති කරගන්න බැරි වස්තුවක් කියලා අයියා නිතරම මට සිහිපත් කරා.”කලාකාරියක් අයිති මුළු ලෝකෙටම මල්ලි. ඔය හීන දැකිල්ල දැන්වත් නතර කරපන්.”

Reviews

There are no reviews yet.

Be the first to review “Dewana sada-දෙවන සඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat