Dewa Manussanan – දේව මනුස්සානං
රු608.00
21වන ශතවර්ෂයේද දශක දෙකක් ගෙවා තිබුනද ලොව සිදුවන සියලු සිදුවීම් අර්ථ දැක්වීමට තවමත් මනුෂ්‍යයාට හැකියාව ලැබී ඇත්ද? කෙසේ සිදුවීදැයි අදහාගත නොහැකිමුත් ඇතැම් සිදුවීම් වලට හේතු සෙවීමද ඵල රහිතය.
“හෙලෝ..”
“හෙලෝ තමයි බං.. මං කවදවත් හිතුවෙ නෑ උඹ මේ වගේ කැත වැඩක් කරාවි කියලා.”
“මොනවද වෙලා තියෙන්නේ සාගර.. මොකක්ද මං උඹට කරපු කැත වැඩේ ?..”
“කැත වැඩේ?.. මතක් වෙද්දිත් මගේ ඇගේ මාළු නටනවා..”
මං උඹෙන් උදව්වක් ඉල්ලුවා. උඹ ඒක කරලා දෙන්න පුළුවන් කිව්ව නිසානෙ බං මං ඒක එව්වෙ. දැන් මොකක්ද මේ කියන්නෙ?..”
“උඹට කරන්න බැරි උදව් මගේ ළඟ නෑ විදුර.. ඒත් මට තරහ මං මෙච්චර වැඩ ගොඩක හිරවෙලා ඉන්න වෙලාවක උඹ මේ වගේ දෙකයි පණහෙ විහිළු- වක් කරන්න මාව තෝරගත්ත එකට..”
“කියන දෙයක් තේරෙන්න කියපං සාගර. මං උඹට බ්ලඩ් සාම්පල් එකක් ටෙස් කරලා දෙන්න කිව්ව මිසක උඹ ඔය කියනව වගේ කැත විහිළුවක් කලේ නෑ..
“ඒ එවපු සාම්පල් එක තමයි ප්‍රශ්න. උඹ මොන ප්රාවක්ද බං ලේ පැල්ලමක් කියලා ඒ ශර්ට් එකේ ගාලා එව්වේ?..”
දේවත්වය සහ මනුෂ්‍යත්වය ඒකාත්මික වන යම් තැනක් වේද එවන් තැනක නොමිනිසුන්ට බහුරූ කෝළම් පාන්නට ඉඩදී ස්වභාව ධර්මය මුණිවත රකින්නේ නැත.
“සීබට් මාමේ.. මොකද මේ බයවෙලා වගේ,”
“දෙයියනේ! ඒක දේවතා එළියක් සර්.. හැබෑටම ඒක දේවතා එළියක්ම තමයි..”
මෙය ආදර කතාවක් නොවේ. කිසිසේත්ම දේශපාලන කතාවක්ද නොවේ. ආදරය, හුදකලාව, භීතිය, අත්භූතබව අතරේ මිනිස් මනසේ විචල්‍ය බව කියන්නට දැරූ උත්සාහයකි.








Reviews
There are no reviews yet.