Keheli.lk

10% OFF

Darani – ධරණි

රු882.00

මායාව සහ යථා ලෝකය අතර දෝලනය වන තරුණියකගේ සංකීර්ණ මනෝ ව්‍යාධියක් පසුබිම් කරගෙන ගෙතෙන ධරණි, දකුණේ සහ උතුරේ දේශපාලන අරගල වලට මැදි වූ මිනිසුන්ගේ ජීවිත යාකරන වියමනකි. 80 දශකයේ සිට යුද්ධය අවසන් වීමෙන් පසු ගත වූ දශකය දක්වා කාල පරාසයක් තුළ ගොඩනැගෙන දේශපාලන සිද්ධි දාමයක් හරහා ඇවිද යන කතානායිකාව දකුණට නොපෙනෙන උතුරේ ජීවිතවල ඛේදනීය යථාර්ථයට සම්මුඛ වෙයි.
සිය මනෝරාජික ලෝකයේ මිතුරීය වන උතුරේ අරගලකාරීය සමග ගොඩනගා ගන්නා සංකීර්ණ මානසික ගැටුම තුළින් ඈ ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවාදයකට පිවිසෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Darani – ධරණි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat