Keheli.lk

15% OFF

Dangediya – දංගෙඩිය

රු1,487.50

ජනතාවගේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් රටේ සත්ත්ව සම්පත අනුකම්පා විරහිතව ඝාතනය කිරීමට නිකුත් කෙරෙනා නිලධාරීවාදී ආඥා හමුවේ පරිසර තුලිතතාව බිඳවැටීමෙන් පීඩනයට ලක්වන මිනිසා හා සත්ත්ව ජීවිතවල ඛේදවාචකයත් ආගමික සංස්ථාවේ අත්තනෝමතිකකම් ප්‍රශ්න කිරීම හමුවේ නෙරපනු ලබනා පූජකවරයකු මිනිසාට තමන් අදහන සත්‍ය වටහාදීමට යාමෙන් මුහුණදෙන ඉරණමත්, සමාජ විමුක්තිය උදෙසා අවංකව කැපවෙන විමුක්තිකාමියකු හට
නිලධාරිවාදයෙන් එල්ලවන අසාධාරණයන් හරහා සමස්ත සෝවියට් සමාජයේම අවසන් භාගය පිළිබඳ පුළුල් සිත්තමක් ඉදිරිපත් කෙරෙනා ‛දංගෙඩිය’ යනු සෝවියට් සාහිත්‍යයේ මතු නොව විශ්ව සාහිත්‍යයේ ද අගනා මතක සටහනකි.
‘දංගෙඩිය’ නමින් පරිවර්තිත මේ නවකතාව අයිත්මාතොව්ගේ කෘති අතර තේමාත්මක වශයෙන් මුළුමනින්ම වෙනස් මගක් ගත්තක් සේ සැලකිය හැකි ය. ඔහු මේ කෘතිය පළ කරන්නේ සෝවියට් දේශයේ අර්බුද මෝරා එමින් පැවති සමයක ය. සෝවියට් දේශය ලෝක සිතියමෙන් මැකී ගොස් තිබුණ ද අයිත්මාතොව් තම කෘතිය හරහා මතු කරන විවේචනය වාමාංශික ව්‍යාපාරවල අද ඉන්නා ක්‍රියාධරයන්ගේ අවධානයට යොමු කිරීම ඉතා වැදගත් වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Dangediya – දංගෙඩිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat