Daiwa – දෛව
රු1,044.00
ඈ ආපසු හැරී තම නිවස දෙස බැලුවාය. කුඩා ලී ගේට්ටුව වසා තිබිණි. ඉන් වහා මිදුලට ඇතුළු වන්නට මල් ආරුක්කුවක් වේ. නිවසේ ඉදිරි දොර දකුණු පසින් හතළිහේ අමු විදුලි බුබුලක් දැල්වේ.
රවීන්ද්‍ර හෙල්මට් එක පැළඳ ගත්තේය. ඈ ලී ගේට්ටුවේ කොක්ක පන්නා මිදුලට ඇතුළු වූවාය. මල් ආරුක්කුව යටින් ගොස් ඇය ගෙට ඇතුළු වන තුරු ඔහු බලා සිටී. බියෙන් හැකිළි තම උරයේ එල්ලී ආ ඇගේ විලවුන් සුවඳද, උණුසුම ද තමා ළඟ තවම වෙතැයි ඔහුට හැඟේ. තමා ඈ රැගෙන ආ බව අන්‍යයන්ට නොකියන ලෙස ඈ ඉල්ලයි. ඒ ඇයි? තමා යා යුතුව ඇතත් එන්ජිම පණ ගන්වන්නට සිත් නොදේ. අත් බෑගයෙන් යතුරක් ගෙන ඈ දොර විවර කරනු ඔහු බලා හුන්නේය. බයිසිකලයෙන් බැස ඈ පසුපස යාමට ඔහුගේ හිතකියයි. එහෙත් එසේ යා නොහැකි ය. ඈ ගෙට ඇතුළුව දොර වසා ගත් පසු බයිසිකලයේ එන්ජිම පණ ගන්වන්නට රවීන්දු සුදානම්ය. දොර විවර කළද ඈ ඇතුළට ගොස් දොර වසා නොගනී. ඈ ගෙට නොයන්නේ ඇයි? රවීන්දු බයිසිකලයෙන් බැස සයිඩ් ස්ටෑන්ඩ් එක ගසා සිට ගත්තේය. ඒ ආවේගය ඔහු හඳුනයි. ඊට පිටුපෑමට ඔහුට නුපුළුවන.










Reviews
There are no reviews yet.