Keheli.lk

20% OFF

Bihisunu Wanantharayaka Atharamanwa – ‍බිහිසුණු වනාන්තරයක අතරමංව

රු1,120.00

සංචාරකයින් හතර දෙනෙකු බොලිවියාවේදී එක්වන්නේ අප්‍රකට ඇමේසන් වනාන්තර ගෝත්‍රිකයන් දැක ගැනීමේ හා සංචාරකයින්ට සිහිනයෙන් හෝ සිතාගත නොහැකි ස්ථාන නැරඹීමේ ගවේෂණයක් සඳහාය. ජීවිත කාලයටම අමතක නොවන වික්‍රමයක් ලෙස ආරම්භවන චාරිකාව වනාන්තරයේ අතරමංවීමත් සමඟ පරිවර්තනය වන්නේ ජීවිතය රැක ගැනීමේ අරගලයක් බවටය.

එකඟ නොවීම නිසා දෙකඩ වන කණ්ඩායමේ දෙදෙනෙකු වූ යොසී සහ ඔහුගේ මිතුරා උත්සාහ කරන්නේ මඟපෙන්වන්නෙකු නොමැතිව ගමන්කිරීමටය. නමුත් ඔවුන් දෙදෙනාට ද වෙන්වීමට සිදුවන්නේ පහුරක යාත්‍රා කරමින් සිටියදී මුහුණ දෙන බිහිසුණු අනතුරකින් පසුවය. වනාන්තරයේ ගමන් කිරීමට අවශ්‍ය පුහුණුව හෝ ආම්පන්න කිසිවක් නොමැතිව පෘථිවියේ තිබෙන ඉතාමත් භයානක පරිසරයක තනිව අපිළිසරණවන යොසිට සිදුවන්නේ සති කීපයක්ම එහි ගත කිරීමටය. පෙර දැනුමක් ඇති කරගත නොහැකි වෙනස්වීම් සහිත පරිසරයක හිසට ආවරණයක් හෝ කුසට ආහාරයක් සොයා ගැනීම ඉතා දුෂ්කර විය. දෙපයේ සම කුණු වීමට පටන් ගන්නා අතර ඇවිදයාමට අපහසුවන ඔහුට මුහුණ දීමට සිදු වන්නේ ඇමේසන් මහා වැසි කුණාටුවලටය. ඒ සමඟ ඔහු වනාන්තරය තුළ ඒ මේ අත ඇවිදයන්නේ දිශාව පිළිබඳ දැනීමකින් තොරවය.

මෙහි සටහන්ව ඇත්තේ සොයා ගැනීමට නොහැකි ලෙස දෙදෙනෙකු අතුරුදහන් වීමෙන් අවසන්වන ඔවුන්ගේ බිහිසුණු වනාන්තර චාරිකාව පිළිබඳ සත්‍ය විස්තරයයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Bihisunu Wanantharayaka Atharamanwa – ‍බිහිසුණු වනාන්තරයක අතරමංව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat