10% OFF
bhadra – භද්‍ර
රු1,125.00
සබරගමු මහ සමන් දේවාලයේ පුරාණ චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍ය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක් ‘භද්‍ර’ නවකතාව සඳහා පාදක වී ඇත.
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රකින බවත්, අධර්මයෙහි හැසිරෙන්නාට ස්වභාව ධර්මයෙන් පවා සමාවක් නොමැති බවක් කියාපාන ‘භද්‍ර’ නවකතාව තුළින් සබරගමුවේ ගැමි බස් වහර සහ සමාජ ක්‍රමය අපූර්ව භාෂා විලාසයකින් ප්‍රතිනිර්මාණය කර පාඨක සිත් තුළ චිත්ත රූප මවන කතාන්දරයක් ඉදිරිපත් කිරීමට රන්දික කඩවතආරච්චි නම් තරුණ ලේඛකයා සමත් වී ඇත.
ස්වර්ණ පාඨක සම්මාන උළෙලේ අවසන් කෘති දහය අතර සම්භාවනාවට පාත්‍ර වූ සිය ප්‍රථම නවකතාව වන ‘පිරිනිවන් කඳු පාමුලින් ‘ නවකතාව තුළින් ප්‍රකට කළ ප්‍රතිභාව තව තවත් ඔප මට්ටම් කර ගනිමින් නවකතාකරණයේ යෙදෙන රන්දික, සිංහල නවකතාවේ අනාගතය පිළිබඳ සුඛදායී බලාපොරොත්තු ඉහළ නංවන රචකයෙකි.









Reviews
There are no reviews yet.