Keheli.lk

20% OFF

Baddata mal warusa – බැද්දට මල් වරුසා

රු712.00

ගුණදාස ලියනගේ සූරින්ගේ ‘බැද්දට මල් වරුසා’ නවකතාව අපේ ගම්බද සමාජය පදනම් කරගත් උසස් කලාත්මක නිර්මාණයකි. මෙම නවකතාව යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන පර්යේෂණ කෘතියක් ලෙසද විග්‍රහ කළ හැකිය. බුලත්සිංහල දිවලකඩ උපන් ගුලි තමන් උපන් තමන් සැදුණු වැඩුණු පිරිසිදු ගැමි සමාජ ජීවිතයේ මනා අත්දැකීම ඇත්තෙකි. මෙම නවකතාවට දී ඇති නාමය ගැමි සමාජයේ සශ්‍රීකත්වය පිළිබඳ අර්ථ නිරූපණයකි. බැද්ද යනු වනගත පෙදෙස යන අරුත් දෙන පැරණි සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ අන්තර්ගත වචනයකි. මල් වරුසා සශ්‍රීකත්වය පිළිබඳව නිරූපණය කරයි. ලංකාවේ ගැමි ජීවිතය නිරූපිත හොඳ නවකතා ලෙස විචාරක පැසසුම් ලත් බැද්දේගම, ගම්පෙරළිය හා කරුමක්කාරයෝ නවකතාවලටත් වඩා බැද්දට මල් වරුසා ප්‍රශස්ත කෘතියක් වන්නේ එය මෙරට යටත් විජිත යුගයේ ගැමි සමාජය ගැන නිරූපිත පර්යේෂණ කෘතියක් වන නිසාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Baddata mal warusa – බැද්දට මල් වරුසා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat