Keheli.lk

10% OFF

Asuragana – අසුරඟන

රු877.00

තමා විසින් නිර්මාණය කරන ලද කතා වස්තුවේ ප්‍රධාන භූමිකා ස්වකීය ජීවිත ගමනේදී මුහුණ දෙන සිදුවීම් නවකතාවකට උචිත ලෙස පෙළ ගැස්වීමට අමතරව කතුවරිය තවත් කරුණක් වෙත තම නොමද අවධානය යොමු කර ඇති බව මෙම කෘතිය පරිශීලනයේදී පැහැදිලි වෙයි.
මෙම පුවතේ එන සිදුවීම්වල හේතුඵල විග්‍රහ කිරීමට මනෝවිද්‍යාව, නීතිය, පරිනාමවාදය, ජීවවිද්‍යාව, සංස්කෘතිය, ඉතිහාසය වැනි විෂයයන් ඉමහත් පරිශ්‍රමයක් දරමින් පරිශීලනය කර, එකී විෂයයන් හාරා අවුස්සා මතුකර ගත් සාධන මෙම කෘතියේ ඇතැම් තැන්හි දැක්වීමට කතුවරිය උත්සුක වී ඇති බව පෙනේ. සමස්තයක් වශයෙන් ගත් කළ එමඟින් ප්‍රකට වන්නේ ප්‍රස්තුත කතා වස්තුව පෝෂණයෙහිලා කතුවරිය දක්වා ඇති කැපවීමේ සාර්ථකත්වය යි. තම ග්‍රන්ථකරණයේදී කතුවරිය තැබූ සාර්ථක ඉදිරි පියවරක් ලෙස මෙය සැලකිය යුතු ය. “අසුරඟන”(The truthful lady) කෘතිය අයෝමා නිර්මලී සමරසිංහ කතුවරිය රචනා කළ, පරිනත බවක් ප්‍රකට කරන පර්යේෂණාත්මක නිර්මාණයක් බැව් අපගේ නිගමනය යි.

Reviews

There are no reviews yet.

Be the first to review “Asuragana – අසුරඟන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat