Keheli.lk

15% OFF

Asiyawe Janakatha – ආසියාවේ ජනකතා

රු1,190.00

කතන්දර ඇසීමටත්, කතන්දර කීමටත් මිනිසා තුළ පවත්නා ආශාව නිසා “ජනකතාව” ලෝකයේ හැම ජන කොටසක් අතරම, අනෙක් කලාවන් සේම වර්ධනය විය. ජනකතා මුල්වරට නිර්මාණය වන්නේ සාමාන්‍ය මිනිසුන් අතිනි.

ඇතැම් විට සුළු වශයෙන් වෙනස් වෙමින් කටින් කට ඉදිරියට යන්නේ ඉන් පසුවය. ඒ නිසා ජනකතාවලට විෂය වන්නේ ඔවුන්ගේම ජීවිතය හා බැඳුණු කරුණුමය. ඔවුන් ජීවත් වන හැටි, ඔවුන්ගේ සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස ඇතුලු සියලු දේ ජනකතාවලට විෂය කරගෙන ඇත. මිනිස් ලොව, දෙව්ලොව, අපාය, භූත ලෝකය, සත්ව ලෝකය යනාදී වශයෙන් ඒවායේ අඩංගු කරුණුවලට සීමාවක් නැත. එහෙත් ඒ කුමන කතාවක වුවද බැඳී පවතින්නේ

ඔවුන්ගේ ජීවිතය හා සම්බන්ධ කරුණුමය.

Reviews

There are no reviews yet.

Be the first to review “Asiyawe Janakatha – ආසියාවේ ජනකතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat