Keheli.lk

10% OFF

Asathya kathawak premaye sathya kathawa – අසත්‍ය කතවක් ප්‍රෙමයේ සත්‍ය කතාව

රු810.00

එක්ටමෙන් පොළවට, එක ම කතාව, කතා පහක්, අසත්‍ය කතාවක් හා ප්‍රේමයේ සත්‍ය කතාව තුළ මෑත භාගයේ ලියැවුණ හොඳ ම නිර්මාණාත්මක කතා මාලාවක් ගැබ් වෙයි.
අමරසේකර ගේ මේ කතාවල වැදගත්කම පවතින්නේ ඔහු තරුණයන් අතර කැකෑරෙන කැරලිකාරිත්වය මහිමත්වයට නංවන නිසා නොවේ. ඔවුන් ගේ තකතීරුකම් හා බොලඳකම් නිර්දය විවේචනයට ලක් කිරීම සඳහා ඔහු එම කැරලිකාරිත්වය සමඟ අනන්‍ය වී සිටින සැටි මෙහි දී දැකිය හැකි ය. පැරණි කම්කරු පක්ෂ බංකොලොත් වීමෙන් මෙම තරුණයන්ට නායකත්වය නැති වී ගිය සැටි ඔහු පෙන්වයි.
මේ වතාවේ දී නම් අමරසේකර යථානුභූත වාදය හෝ ධනේශ්වර මනෝ විද්‍යාව සාධනය කිරීමට කතා රචනා නො කරයි. “තොප නොදන්නා ලෝකයකුත් ඇත; එයට මුහුණ දෙව!” යනුවෙන් ඔහු ඒ සියල්ලට ම අභියෝග කරයි.
– කීර්ති බාලසූරිය
මහාචාර්ය සුචරිත ගම්ලත්
(කල්පනා ලෝකවාදය, සාහිත්‍ය කලා හා මාක්ස්වාදය – 1986)

Reviews

There are no reviews yet.

Be the first to review “Asathya kathawak premaye sathya kathawa – අසත්‍ය කතවක් ප්‍රෙමයේ සත්‍ය කතාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat