15% OFF
Adannepa Mage Punchi Puthe – අඬන්නෙපා මගෙ පුංචි පුතේ
රු833.00
මේ අම්මා තම අළුත උපන් දරුවා රෝහලේ අත්හැර දමා ගියේ ඇයි දරුවාගේ බෑගයේ ඇතුළත තිබූ රහස් සාක්කුවේ ලියුම් කවරයක් තිබෙනු දැක මා එයට එබී බැලුවා. එ තුළ ලියුමක් ඇති බව දුටු මම එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා.
“දරුවා හැදීමට බාරගන්නා හිතවතිය, මේ මගේ ජීවිතයේ ඉතා ම දුක්බර මොහොතක්. දරුවා පිළිසිඳ ගත් බව දැනගත් දවසේ සිට, දරුවා බිහිකරන අද දවස දක්වා ම මම ඇඬුවා.
ඒ මගේ දරුවා මට ලබාගන්නට බැරි බව මා දැන සිටින නිසා. දරුවකු පිළිසිඳගෙන ඇති බව දැනගත් දවසේ සිට මා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ මට සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසටයි. නමුත් දෙවියන් මා දෙස බැලුවේ නෑ. මට මගේ දරුවා රෝහලේ දමා යාමට සිදුවෙන්නේ මගේ ජීවිතය බේරා ගැනීමටයි.







Reviews
There are no reviews yet.