Keheli.lk

20% OFF

Prema Sadawo-ප්‍රේම සැඳෑවෝ

රු880.00

වැන්කුවර් විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන ඇනස්ටාසියා ස්ටීල්ට අනපේක්ෂිත මොහොතක ක්‍රිස්ටියන් ග්‍රේ නමැති අති කඩවසම් කෝටිපති ව්‍යාපාරිකයකු මුණගැසෙයි. ඔහුගේ රූපකායෙන් මන්මත් වන ඇනස්ටාසියා තුළ ජීවිතයේ පළමුවරට ආදරයක් ලියලා වැඩෙන්නට පටන් ගනී. එහෙත්, ඇය පුදුමයට පත් කරමින් ඔහුගෙන් ඈත්ව සිටින ලෙස ග්‍රේ ඇයට අනතුරු අඟවයි. එය ම ඔහු වෙතට සමීපවන්නට ඇය තුළ වූ අභිරුචිය දෙගුණ තෙගුණ කරන්නට සමත් වෙයි.
අවසානයේ දී ඔවුන් දෙදෙනා අතර අතිශයින් සරාගී ප්‍රේම සම්බන්ධයක් ඇති වෙයි. එමඟින් ඇගේ අභිරුචිය ගැන මෙතෙක් ඇය නොදැන සිටි සෑම දෙයක් ම හෙළිදරව් කරගැනීමට ඇයට අවස්ථාව ලැබෙන අතර, ග්‍රේන්ගේ ගුප්ත රහසිගත ලෝකය ගැන දැනගැනීමට ලැබීමෙන් ඇය සිහින මැවූ ඇගේ භාවාත්මක සොඳුරු ප්‍රේම ලෝකය සිය දෙනෙත් අබියස බිඳ වැටෙයි.
“ප්‍රේම සැඳෑවෝ” තුළින් කුළුගන්වන අනුරාගී අත්දැකීම ඔබගේ මතකයේ සදාකාලිකව රැඳී සිටිනු නියතය.

Reviews

There are no reviews yet.

Be the first to review “Prema Sadawo-ප්‍රේම සැඳෑවෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat