20% OFF
Laila laila laa-ලයිල ලයිල ලා
රු1,000.00
චාලි අධිශීතකරණය විවර කළේය. සියුම් දුමක් මෙන් සිසිලැති වාෂ්පය පිටවිණ. එතුළින් දිස් වූයේ එහි සතපවා තිබූ ඇගේ සිරුරයි. චාලි, දර කොටයක් වන් ඇගේ සිරුර පිටතට ගත්තේය. ඔහු ඇය රැගෙන, දැනටමත් සංගීත රාවයෙන්
නැහැවෙන සාලය වැනි කොටසට ගියේ ය.
ඇයව කෙළින් සිට වූ ඔහු, ඇගේ ඉණ වටා එක් අතක් ද, උර මත එක් අතක් ද ද රඳවමින් රැඟුම පටන් ගත්තේය.
ලයිල…ලයිල…ලයි…
ලයිල…ලයි…ලයි…
ලයිල…ලයිල…ලා..,
මේ ඔහු නිසල දේහයක් සමඟ රඟන පළමුවැනි අවස්ථාවයි. එය ඔහුට ගෙන ආයේ අලුත්ම අත්දැකීමක් මෙන්ම, මහත් වූ ආශ්වාදජනක හැඟීමකි.
Out of stock








Reviews
There are no reviews yet.