Yathuru siduren ebi balanna – යතුරු සිදුරෙන් එබී බලන්නා
රු1,080.00
ඇල්බර්ටෝ මොරාවියා (1907 – 1990) පසුගිය සියවසේ වඩාත්ම අවධානයට ලක් වූ ඉතාලි ලේඛකයා ලෙස සැලකෙනවා. දාහත් වෙනි වියේදී ලියූ සිය පළමු නවකතාවෙන්ම ඔහු ලේඛකයෙකු ලෙස නමක් දිනා ගත්තා.
ධනේෂ්වර සමාජ ආර්ථික රාමුවක සිරගතව, සිය පුද්ගලභාවය අහිමි කර ගත් මිනිසා පිළිබඳව කෙරෙන තියුණු සහ උපහාසාත්මක ගවේෂණයක් මොරාවියාගේ සාහිත්‍ය නිර්මාණ තුළ අන්තර්ගත වෙනවා. පුද්ගල සබඳතාවල ආදරය අහිමි වී ගොස්, ඒවා හුදෙක් යාන්ත්‍රික හා ද්‍රව්‍යමය සබඳතා බවට පිරිහෙළී ඇති සැටි ඔහු අනාවරණය කරන්නේ ලිංගිකත්වය කවුළුවක් බවට පත් කර ගනිමින්. ‛යතුරු සිදුරෙන් එබී බලන්නා’ ලෙස පරිවර්තනය වන The Voyeur මොරාවියා රචනා කරන්නේ 1985දී. සිය ජීවිතය සුව පහසු, සන්සුන්, සුපිරි ජීවිතයක් සේ හුවා දක්වන ඉහළ මැද පාන්තික ජීවන රටාව තුළ පුද්ගලයා අභ්‍යන්තරිකව අත් විඳින හුදකලාවත්, අසහනයත්, අධ්‍යාත්මික බිඳ වැටීමත් මේ නවකතාව තුළින් කදිමට නිරූපණය වෙනවා.









Reviews
There are no reviews yet.