10% OFF
Wishnu Dewiyo (Yathu Karma Ha Puda Puja) – විෂ්ණු දෙවියෝ (යාතු කර්ම හා පුද පූජා)
රු337.50
සිංහල ජන සමාජයෙහි ශ්‍රී විෂ්ණු දෙවියන් පූජනීය ශුද්ධ චරිතයකි. ගැමි ජන දේව ධූරාවලියේ ප්‍රමුඛතම ස්ථානය දරන විෂ්ණු දෙවිඳුන් පිළිබඳව කරනු ලබන කවර හෝ හැදෑරීමක් සැබැවින්ම මෙරට ගැමි ආගම (Folk Religion) විෂයෙහි කරනු ලබන ශාස්ත්‍රීය සම්මාදමකි. විෂ්ණු වන්දනය හා විෂ්ණු පිළිබඳ ප්‍රතිරූපය විවිධ මංපෙත් ඔස්සේ සිංහල ගැමි වන්දනය හා පුළුල් ලෙස බැඳී පැවතීම එයට හේතුවයි.
මෙම කෘතිය එහිලා උනන්දුජනක ශාස්ත්‍රීය අධ්‍යයනයකි. ඉතිහාස සම්ප්රදාය තුළ විවාදපන්න මතයක් වූ උපුල්වන් විෂ්ණු සුසංයෝගය ද පෙරළා එහි නිශ්චිත වූ පුද පිළිවෙත් රටාව ද මෙමගින් විමර්ශනය කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ දීප්තිමත් තරුණ උපාධිධරයෙකු වූ තරිඳු බණ්ඩාරයන්ට මම සුභපතමි. එසේම මෙම කෘතිය ඔහුගේ ශාස්ත්‍රීය දිවියෙහි දීප්තිමත් මං සලකුණක් වනු ඇතැයි ද සිතමි.







Reviews
There are no reviews yet.