Keheli.lk

10% OFF

Wiliyam Pereralage Istoriya – විලියම් පෙරේරලාගේ ඉස්ටෝරිය

රු765.00

”උයන අම්මේ.. හෙට පෝය දවසේ දරුවා ලැබෙයි කියා කීවාට..
මට අදම හරි අමාරුයි නොවැ.
උයන අම්මා අද යන්න එපා. මා එක්කලා ඉන්න.
වින්නඹු අම්මා එනවැයි කිවුවේ අද රෑ නොවැ. මට අමාරුයි.”
“අනේ නෝනේ..
මන් ගොහින් වින්නඹු අම්මා කැන්දාගෙන එන්නද?”
“නෑ.. උඹ ගොහින් ලතා අක්කට එන්නෙයි කියාපන්…
වින්නඹු අම්මට විගහට එන්නෙයි කියලා පණිවිඩයක් ඇරලාම
එන්නෙයි කියාපන්..”
තලත්තෑනි ගැහැනිය වහා මිදුලට පැන දිව්වා ය.
අබේරත්නලාගේ බංගලාවට මහ දුරක් නැත.
ඕනෑ නම් වැඩිම හූ දෙකක දුරක් තියෙන්නට පුළුවන.
උයන අම්මා චිත්ත පට එක් අතෙකින් උස්සා ගෙන හැල්මේ දිව ගියේ බියපත්ව ය.
“පුංචි නෝනා කලබලයක් නොකර සිටියාට මොකොද ඒ විලාසය නම් කියාපාන්නේ කොයියං මොහොතක වුණත් දරුවා ලැබේදෝ කියාලා ඈට සිතේ.
උයන අම්මා ලතාට පණිවිඩේ කියා එද්දී මාලනී වැදුම් ගෙට වී ඇඳ මත වාඩි වී වේගයෙන් හුස්ම ගනිමින් සිටියාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Wiliyam Pereralage Istoriya – විලියම් පෙරේරලාගේ ඉස්ටෝරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat