Viduru Maligawa-වීදුරු මාලිගාව
රු1,440.00
1885 වසරේදී බ්‍රිතාන්‍යයන් විසින් බුරුමය ආක්‍රමණය කරනු ලැබීමත් සමඟම ඇරඹෙන මේ අති විශිෂ්ට නවකතාව, දේශපාලන හා සමාජ අවුල් ජාලා උදම්වලින් ඉහළට මතුව අවසානයේදී බුරුමයේ තේක්ක කැලෑවල අධිරාජ්‍යයක් නිර්මාණය කරන රාස්කුමාර් නමැති දුගී කොල්ලකුගේ අපූර්ව කථාන්තරය අප හමුවේ දිග හරියි.බ්‍රිතාන්‍ය සොල්දාදුවන් බුරුම රජ පවුල වීදුරු මාළිගාවෙන් නෙරපා විප්‍රවාසයට යවන කල, බුරුම රැජිනගේ මැඳුරෙහි සේවය කරන යුවතියක සමඟ රාප්තුමාර් මිතුරුකමක් ඇති කර ගනියි. ඔහුට ඇය අමතක කිරීමට නොහැකි වන අතර, වසර ගණනාවකට පසු,ධනවතකු වී ඔහු ඇය සොයා යන්නේය.ඇයගේ ආදරය ඔහුගේ දිවිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනු ඇත. ආදරය සහ යුද්ධය මැදි කර ගනිමින් පරම්පරා කිහිපයක් තිස්සේ දිවෙන මේ මහා නවකතාව ඔස්සේ යටත්විජිතවාදයේද ධනවාදී සූරාකෑමේද දරුණු බව පිළිබඳ දයා විරහිත විවරණයක් අමිතාබ් ඝෝෂ් අප වෙත රැගෙන එයි.මේ අමිතාබ් ඝෝෂ්ගේ නවකතාවක් සිංහල බසට නැඟෙන පළමුවැනි අවස්ථාවයි.







Reviews
There are no reviews yet.