Keheli.lk

10% OFF

Wichithra Wiryaya – විචිත්‍ර වීර්යය

රු315.00

සන්යාස කියන්නේ බාහිර කාරණා අත හැරලා “මම” කියන සිතුවිල්ලෙන් මිදීමයි. මමත්වයෙන් මිදුණම එයා තනියම හිටියත් සංසාරික ප්‍රවාහයේ විවිධ කටයුතුවල යෙදුණත් වෙනසක් නෑ. තාපසයෙක් නොයෙක් කටයුතු කළත් ඇත්තෙන්ම ඔහු කිසි දෙයක් කරන්නෙ නෑ. එතැන මම කියන කෙනා මතුවෙලා නැහැනෙ. සිහිනයකදී කෙනෙක් ඔළුව බිමඇනෙන්න වැටුණත් එයා යහනෙ හොඳට ඉන්නවනෙ. මම කියන සිතුවිල්ල සිඳිලා නැති කෙනා හුදකලාව නිරන්තර භාවනාවක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා ධ්‍යානගත වෙන්නෙ නැහැ. කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ හිටියට හිත වෙන කොහේ හරි නං ඒක දැනෙන්නෙ නැහැනෙ. යහනෙ හොඳට යහනෙ හොඳට ඉන්නවා වගේ තමයි භාවනාවෙ ඉන්නවා වගේ පෙනෙන කෙනත් වැටෙන්න, දුවන්න, අඬන්න, හිනාවෙන්න ඉඩ තියෙනවා. ඒ සේරම කරන්නෙ අර “මම” කියන කෙනයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Wichithra Wiryaya – විචිත්‍ර වීර්යය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat