Keheli.lk

10% OFF

Wane Pannaraya Labu Hati 1 – වානේ පන්නරය ලැබූ හැටි 1

රු765.00

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසිලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.
දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගු කාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ ‘රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවතපණ ගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැප වූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මක බව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල ප්‍රේක්ෂක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.

Reviews

There are no reviews yet.

Be the first to review “Wane Pannaraya Labu Hati 1 – වානේ පන්නරය ලැබූ හැටි 1”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat