Wana Sarana-වන සරණ
රු1,258.00
මානව විද්‍යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත්‍රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය.
“වැද්දන් වැනි අති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබඳ විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදිහාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද ? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළියෙල වන්නේ මොනවා ද? වැදිරාළ වැඩට පිටත්වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවාද? වැදි ජීවිතය පිළිබඳ ඉතා කිට්ටු ඔබට කළ හැකි තරම සම්පූර්ණ විස්තරයක් ඔබ අපට ඉදිරිපත් කරතැයි මම ඉතා ආසාවෙන් බලාපොරොත්තු වෙමි. ද එය ඉතා වටිනා එසේ ම කියවන්නා ප්‍රිය කරන කෘතියක් ද වෙනවා ඇත.








Reviews
There are no reviews yet.