Keheli.lk

10% OFF

Three – pains kedawachakaya – ත්‍රී – පයින්ස් ඛේදවාචකය

රු1,620.00

කැනඩාවේ ඈත කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක් වූ ත්‍රී-පයින්ස් යනු අපරාධ සිදු නොවන, සොදුරු ගම්වැසියන්ගෙන් පිරි ගම්මානයකි. එහෙත් තුති පිදීමේ උත්සවය යෙදී තුබූ ඉරිදා උදෑසන, ගමට යාබද මේපල් කැලෑරොදේ තිබී, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැවොම ආදරය කළ ජේන් නීල් නම් වූ වියපත් ගැහැනියගේ මළසිරුර හමුවෙයි.
එකී කාරුණික, ආදරණීය ගැහැනිය මියයන්නේ කිසිවෙකු විසින් එල්ල කරනු ලදුව, හදවත පසාරු කළ ඊ පහරකිනි. මෙය, දඩයම් අනතුරක් හැරෙන්නට වෙන කිසිවක් නොවන බවට ගම්වැසියෝ සහතික කරති.
එහෙත් මොන්ට්‍රියල් සිට විමර්ශනයට පැමිණෙන ආර්මෝ ගමාෂ් ඇතුළු කණ්ඩායමට මේ දුර ඈතක වූ කැලෑරොදෙහි යම් අප්‍රසන්න යමක ඉවක් දැනෙයි. ඉක්මනින්ම, මෙම මරණය වනාහි කුරිරු මිනීමරුවෙකු විසින් සිතාමතාම කරන ලද මිනීමැරුමක් විනා, නොසැලකිලිමත් දඩයක්කරුවකුගේ අත්වැරැදීමක් නොවන බව ගමාෂ් සොයාගනියි.ජේන් නීල් කිසිදිනෙක තම නිවසට අමුත්තන්ට ආරාධනා නොකළේ ඇයි?
ඈ මියයන්නට දෙදිනකට ඉහතදී අද්භූත සිත්තමක් චිත්‍ර ප්‍රදර්ශනයකට භාරදුන්නේ ඇයි?
මේ මරණය සමඟ එහි යම්කිසි අයුරක සම්බන්ධයක් තිබේද?ගමාෂ් ඇතුළු කණ්ඩායම, ත්‍රී-පයින්ස් ගම්මානයේ සැඟවුණු රහස සොයාගනියිද?

රූපවාහිනී කතා මාලාවකට පවා පාදක වුණු, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්මෝ ගමාෂ් කතා මාලාවේ පළමු කොටසයි මේ…

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Three – pains kedawachakaya – ත්‍රී – පයින්ස් ඛේදවාචකය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat